Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙවර පලාත් පාලන මැතිවරණයේදී මාතර මහ නගර සභාවට ජාතික ජනබලවේගය යටතේ තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් වී තිබෙනවා.

ඒ සඳහා අදාළ නාමයෝජනා අද දිනයේදී මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වයි. වික්‍රමසිරි මහතා වෙත භාර දුන් බව සඳහන්.

අතිරේක නාම යෝජනා ලැයිස්තුවෙන් හඳුන්නෙත්ති මහතා මේ සඳහා ඉදිරිපත් වී ඇති අතර එම කණ්ඩායමට නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන්ද ඇතුලත්.

මේ අතර පළාත් රැසක නාම යෝජනා භාර දීම පක්ෂ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එහිදි අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණයකට අවතීර්ණ වීමට රජය සූදානම් බවයි.

https://www.vnews.lk/storage/2023/01/PRASANNA-RANATHUNAGA-EDIT.mp3?_=1

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය හමුවේ ජනතාවට මුහුණ දීම සඳහා අරගල දෙකක් පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/01/PUBUDU-JAYAGODA-EDIT.mp3?_=2

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් 95%ක ජයක් ලබා ගැනීමට සමගි ජනබලවේගය සමත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/01/HARSHANA-RAJAKARUNA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content