ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනය ද මේ වනවිට පොලිසිය භාරයට ගෙන තිබේනවා.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ නියෝගයක් ද නිකුත් කලා .

මේ සමබන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/12/NIHAL-THALDOOWA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content