ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 32 වැනි තරඟයෙන් කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.
ගුජරාට් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රෂීඩ් ඛාන් පන්දු 24දී ලකුණු 31ක් රැස් කළා.
පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුළු 3ක් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ල කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 5ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 92ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content