Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර, ක`ඵතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

මේ අතර මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයාමක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නොර්ටන් බි්‍රජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෙම නායයාම සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී අවදානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/MERIL-MENDIS-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content