Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් සඳහා මෙලෙස අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි එම සංවිධානය සඳහන් කලේ.

එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද දහවල් 12:12 ට මාදම්පේ, කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ සහ ඔන්දච්චිමඩම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

WhatsApp Group

Skip to content