දිස්ත්‍රික්ක රැසක් සදහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා පත්‍රවල ගැටලු පවතින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් පවසනවා .

ඒ අනුව හෝමාගම සහ සීතාවක යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ගැටලුවකින් තොරව පිළිගැනීමට හැකිවූ බවයි කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාපා බණ්ඩාර මහතා සඳහන් කළේ.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් වීමෙන් පසු ඒ සදහා විරෝධතා දැක්වීමට ද පැය එකහමාරක කාලයක් ලබාදී තිබුණා .

ඉන් අනතුරුවයි දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිවේදනය කිරීමට කටයුතු කලේ .

මෙහිදී නව ලංකා නිදහස් පක්ෂය කොළඹ මහනගර සභාවට සහ මොරටුව මහනගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප වුණා .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ කොළොන්නාව නගර සභාව සදහා ඇප මුදල් තැන්පත් කර තිබුණ ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ නැහැ .

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩුවෙල මහනගර සභාවට ඇප මුදල් තැන්පත් කර තිබුණත් නාමයෝජනා ඉදිරිපත් නොකළ බවද කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ද ප්‍රතික්ෂේප වුණා .

මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින්ද ඊයේ දිනයේදී විවිධ අදහස් මාධ්‍ය වෙත පල කළා .

මේ එලෙස අදහස් දැක්වූ ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන ,සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර , කොළඹ මහා නගරසභාවේ හිටපු නගාධිපතිනි රෝසි සේනානායක ,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් යන මහත්ම මහත්මීන් .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content