Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයිනේ දිස්ත්‍රික් තුනකට නිකුත් කළ නායයාමේ අනතුරැ ඇගවීමේ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මක වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අදාළ අනතුරැ ඇගවීම සිදුකර තිබුණා.

ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 75කට අධික වර්ෂාපතයක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුවයි නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ.

බදුල්ල , කෑගල්ල සහ කුරැණෑගල දිස්ත්‍රික්වලට අදාළ නායයාමේ අනතුරැ ඇගවීමේ නිවේදනය බලාත්මක වනු ඇති.

තවදුරටත් අධික වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇදහැළුනහොත් පස්කදු කඩා වැටීම් , නායයාම් , ගල් පෙරළීම වැනි ස්වාභාවික ව්‍යසන ඇති විය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

 

WhatsApp Group

Skip to content