දුම්රිය ප්‍රමාද වීම වළක්වා ගැනීමට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා දුම්රිය පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

දුම්රිය කාලසටහන් වරින්වර සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවටයි එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කියා සිටියේ.

දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් හේතුවෙන් ලබන 5 වන දින සිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා කියා සිටියේ හඳුන්වා දෙන ලද නව කාලසටහනට අනුව දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගත හැකි බවයි.

WhatsApp Group

Skip to content