Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ යළිත් වරක් විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

දරාගත නොහැකි ආර්ථික පීඩනයෙන් ජනතාව පීඩාවට පත්වී ඇති මොහොතක මෙලෙස විදුලිබිල ඉහළ දමන්නේ කෙසේ දැයි විපක්ෂනායකවරයා විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH-PRAMADASA-EDIT-02.mp3?_=1

මෙම දිනවල විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට යළි විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම විසින් එකිනෙකට වෙනස් මතවාද කිහිපයක් ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ අද දින මාධ්‍ය හමුවක් ඒ පිළිබඳව කරුණු අනාවරණය කරන බවයි.

අදාළ කැබිනට් තීරණයට අනුව ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවටයි වාර්තා වන්නේ.

ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වී ඇති අතර එහිදී මේ පිළිබඳව අනාවරණය වුණා.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලිබිල ගාස්තුව 70 % කින් ඉහළ දැමිය යුතු බවයි.

WhatsApp Group

Skip to content