ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති බවද වාර්තා වනවා.

අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ 06 ක සාමාජිකයින් සහභාගී වී ඇති බව සඳහන්.

මේ අනුව ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කිරීමට එම පක්ෂ එකඟතාවක් ඇති කර ගත් බවයි වාර්තා වන්නේ.

මේ අතර උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැනුම්වත් කිරීමට ද එම සාකච්ඡාවේ දී එකඟතාව ඇති කර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content