දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් පවසනවා.

ඒ ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය, ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන්

අමෙරිකාවේ වොෂිංටන්හි විශ්ලේෂකයන් කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ එසේ වුවහොත් ණය ලබා ගැනීම ලබන වසරේ මාර්තු දක්වා ප්‍රමදවනු ඇති බවයි.

අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් වසර 04ක් සඳහා ලබාගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබුනා.

එහි මීලඟ පියවර සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතු අතර ඒ සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content