Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නූතන මැලේසියාව ගොඩනැගූ ප්‍රකට නායක හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට පාර්ලිමේන්තු අසුන අහිමිවී තිබෙනවා.

ඒ වසර 53ක පාර්ලිමේන්තු දිවිය අවසන් කරමින්.

එරට 15 වන මහමැතිවරණය ඊයේ පවත් වුනා.

කෙසේ වෙතත් මහතිර් මොහොමඩ්ට මැතිවරණය සඳහා තැන්පත් කළ මුදල පවා අහිමිවී ඇත්තේ ඊට සරිලන ඡන්ද ප්‍රතිශතයවත් ලබා ගැනීමට නොහැකිවීමෙන්.

පෙජුආන්ග් පක්ෂයට නායකත්වය දුන් 97 හැවිරිදි ඔහුගේ මැතිවරණ ආසනයෙන් ලබා ගෙන ඇත්තේ ප්‍රකාශිත වලංගු ඡන්ද 47,500 න් ඡන්ද 4,566 ක් පමණයි.

මැතිවරණ කොමිසමට අනුව එම ආසනය දිනාගනු ලැබුවේ පෙරිකාටන් ජාතික සන්ධානය නියෝජනය කරන අපේක්ෂකයායි.

මහතිර් මොහොමඩ් පවසන්නේ ඡන්ද ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි.

මහතිර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

පසුව ඔහු 2018 වසරේ දී යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ එවකට පැවති පාලනය මැලේසියානු ජනතාව විසින් බරපතළ ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ලෝක දේශපාලනය තුළද ජීවමානව සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ලෙසයි මහතිර් මොහොමඩ් සැළකෙන්නේ.

ඔහු සක්‍රීය වයස්ගතම දේශපාලනඥයා ලෙස පසුගියදා ගිනස් වාර්තා පොතට ද එක්වුණා.

WhatsApp Group

Skip to content