බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය මැයි 9 වනදා සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අරගලයට සහාය දැක් වූ නීතීඥවරයෙකු වන රාමලිංගම් රංජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content