Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

.ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක්ම ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රජයේ නීතිපතිවරයා විසින් අද සිඩ්නි අධිකරණයේ දී මෙම චෝදනා ඉල්ලා අස්කර ගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා රාත්‍රියේදී ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගනු ලැබුවා.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට මෙලෙස චෝදනා එල්ල වූණේ.

ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී තිබුණා.

WhatsApp Group

Skip to content