පොලිස් අත්අඩංගුවට පත්ව සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලිකඩ පොලිසිය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකර ඇති අතර එහිදී ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

WhatsApp Group

Skip to content