කාන්තා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට දැනට පදිංචි ස්ථානයෙන් ඉවත්ව තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතීඥවරයා කළ ඉල්ලීමකට අනුවයි.

ධනුෂ්ක ගුණතිලක ට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූ අයෙකුගේ නිවසේ මේ වන විට රැඳී සිටින බව අධිකරණය දැන්වූ නීතීඥවරයා – නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නඩුව ජනවාරි 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content