බම්බලපිටිය ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටී තුනකට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා.

බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවටයි පොලිසිය ට පැමිණිලි ලැබී ඇත්තේ.

එම නිවසේ තිබූ රජයේ බලපත්‍ර මත ලබාගත් පිස්තෝල ගිනි අවියක්, පතොරම් 12ක්, මැග්නීසිනයක්, රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් 6,000ක් මෙන්ම රුපියල් මිලියන 10කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති දේපල අතර වනවා.

නිවසේ හිමිකරු මෝටර් රථ ව්‍යාපාරිකයෙක් වන අතර සොරකම් සිදුවන අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ සේවිකාවන් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

WhatsApp Group

Skip to content