Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉල්ලුම කළමනාකරණය කර ගැනීමේ අර්බුද හමුවේ විදුලි බලාගාර කිහිපයක නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත බලාගාර නඩත්තු සඳහා පද්ධතියෙන් ඉවත් කර ගැනීම ගැටළුවක් වී ඇති බවයි.

ජාතික විදුලි පද්ධතියට මේ දිනවල ජල විදුලියෙන් 35% ක පමණ ධාරිතාවක් එක් කෙරෙන අතර, තාප විදුලියෙන් එක් කෙරෙන ධාරිතාව 60% ඉක්ම වනවා.

එවන් පසුබිමක නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය කෙරෙන ගල් අඟුරු තොග පවතින්නේ ජනවාරි 02 වැනිදා දක්වා පමණක් බව ට විදුලිබල මණ්ඩලය තමන්ට දැනුම් දුන් බවයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content