Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ක්‍රියා විරහිත කිරීමට පියවර ගැනුනා.

ගල්අඟුරු තොග කළමනාකරණය – නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් වසා දැමීම තවත් අරමුණක්.

ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගනු ඇති.

මෙගාවොට් 300 කින් සමන්විත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අත්හිටවනු ලැබූව ද සැලසුම් කර ඇති ආකාරයට පමණක් විදුලිය අත්හිටුවීමේ කටයුතු සිදුකරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ අනුව දැනට සිදුවෙන පැය 2යි විනාඩි 20ක දෛනික විදුලි කප්පාදුවේ කිසිදු වෙනසක් නැහැ.

කෙසේ වෙතත් හෙට සිට දින තුනක් සහ 31 වැනි දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද එම මණ්ඩලය සඳහන් කළා.

WhatsApp Group

Skip to content