Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වන ජාතික නිදහස් දින උත්සවය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙදී පැවැත්වුනා.

නමෝ නමෝ මාතා සියවසකට පියවරක් යන තේමාව ඔස්සේ මෙවර ජාතික දිනය සැමරෙන බවයි
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ.

මෙම ජාතික දින උත්සවයේදී වෙනත් වසර වලට වඩා වෙනස්කම් රැසක් සිදුකර ඇති බවද
අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව උත්සවය පැය එකහමාරකට සිමා කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව උත්සවය අතරතුර සිදු නොවන අතර එය සවස් කාලයේදී සිදු කිරීමටයි කටයුතු සිදුකර ඇත්තේ.

එමෙන්ම ජාතික ගිය ආරම්භය සිංහලෙන් ගයනා කර අවසානයේ දී දෙමල භාෂාවෙන් ගායනා කිරීමටද මෙහිදී අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඉදිරි වසර 25ක කාලය සඳහා ඉලක්කගත ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමද 75වන ජාතික නිදහස් දිනට සමගාමිව සිදු කෙරෙන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඪදසජැ ක්‍මඑ – ප්‍රමිත

WhatsApp Group

Skip to content