Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික් ලේකම්වරු සිව්දෙනකු විශ්‍රාම යාම, සංඛ්‍යාලේඛන නිලධාරීන් 17 දෙනෙකු ස්ථාන මාරු වීම, ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරීවරුන් 9 දෙනෙකු ස්ථාන මාරු වීම සහ සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ රාජකාරි සමග කාර්ය බහුල වීම ඇතුළු හේතු හමුවේ මෙම ප්‍රමාද වීම සිදු වන බවයි.

පෙබරවාරි 28 වැනි දා වනවිට සිය කමිටුවේ අවසන් වාර්තාව රජයට භාර දිය යුතු වුවත් පවතින තත්ත්වය හමුවේ එය ලබන මාර්තු මස අවසානය දක්වා ප්‍රමාද වීය හැකි බව කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ, සිය කමිටුවේ අවසන් වාර්තාව භාරදීම සඳහා ලබා දී ඇති කාලය තවදුරටත් දීර්ඝ කරන්නැයි ලබන සතියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව ප්‍රමාද වීමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content