Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර තිබෙනවා .

කෙසේ වෙතත් පසුගිය රජය සමයේ දී මෙම ව්‍යාපෘතිය නවතා දැමීමටයි කටයුතු කලේ .

මෙරට ජපාන තානාපති කාර්යාලයේ දී රුවන් විජයවර්ධන මහතා සහ ජපන් තානාපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වුණා .

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා එම හමුවෙන් අනතුරුවයි මේ බව පැවසුවේ .

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අත්සන් කළ පසුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානය සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවයි .

WhatsApp Group

Skip to content