Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිටයි .

මෙහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවා .

මේ අතර පසුගියදා ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සමග එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා .

කෙසේ වෙතත් පෞද්ගලික පළිගැනීමක් හේතුවෙන් අදාළ පාසලේ ආපන ශාලාවට පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය දමා ඇති බවයි ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙහෙයුමක් ආරම්භ කළා .

එහිදී අනාවරණය වුයේ පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු හරහා මෙම මත්ද්‍රව්‍ය පාසලේ ආපන ශාලාව තුලට දමා ඇති බවයි .

ඒ අනුව පොලීසිය විසින් ඔවුන් මත්ද්‍රව්‍ය ලබාගත් රුක්මල් ගමවිල ප්‍රදේශයේ පැවැති ළමා චිකිත්සකාගරයක් හා ඖෂධ මධ්‍යස්ථානයක් වැටලීමට ලක් කළා .

එහිදී මත්කරල් 6,576 ක් සහ රුපියල් පනස්පන් ලක්ෂයකට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා .

අයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකුව ද අදාළ ස්ථානයේ සිටඇති අතර ඔහුවද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ .

එම පුද්ගලයා විසින් චිකිත්සකාගාරයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් පැමිණෙන ළමුන් හා මත්ලෝලීන් වෙත මත් කරල් විකුණා ඇති බවට පොලීසිය සැක පල කරනවා

WhatsApp Group

Skip to content