Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට නවසීලන්තයේ හැමිල්ටන් හීදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 27 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 113 ක් ලබා ගත්තා.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය ජයගත අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට තරගාවලියේ තරග 1ට බිංදුවක් වශයෙන් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content