Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට අනුව පුද්ගලයින් රඳවා තබා ගතහැකිවන්නේ අධිකරණයේ පුර්ණ අධික්ෂණය යටතේ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

නව පනත මගින් අධිකරණයේ තීන්දුවලට සියල්ල යටත්වන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේ

කෙසේවෙතත් මෙම නව පනත පිළිබද යම් පුද්ගලයෙකු සෑහිමකට පත් නොවන්නේ නම් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමට හැකියාව ඇති බව ද විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළා.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එළැඹෙන 04වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එමෙන්ම නව දූෂණ විරෝධී පනත එළැඹෙන මැයි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධිකරණය ඇමතිවරා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/WIJAYADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content