Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය ඇති තෛපොංගල් උත්සවය ලෝ වාසි සියලූම හින්දු ජනයා අද සමරනු ලබනවා .

තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීමයි මෙම සුර්ය මංගල දිනයේ දී හින්දු භක්තිකයන් සිදු කරනු ලබනේ .

ජාතික තයිපොන්ගල් උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය තලවාකැලේ ශ්‍රී කදිරේසන් කෝවිල් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.

ඒ අදට යෙදී ඇති තෛපොංගල් දින සැමරුම හේතුවෙන් .

මිට අමතරව මෙම උත්සව දිනය නිමිත්තෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි මත්පැන් හල් අද දිනය තුල වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය, රිදීමාලියැද්ද හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් සියඵම මත්පැන් හල් වසා තබන ලෙසයි දැනුම් දී ඇත්තේ .

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි සියඵම මත්පැන් හල් වසා තබන ලෙස නියෝග කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා .

WhatsApp Group

Skip to content