මෙරටට පැමිණෙන සංචාරකයින් සදහා නව ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා .

මේ සදහා නව ජංගම යෙදවුමක් හඳුන්වා දීමටයි තීරණය කර ඇත්තේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සිය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවෙදි.

ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා .

මෙම යෙදවුම මගින් සංචාරකයන්ගේ අභිමතය පරිදි ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් එම පහසුකම්ද සලසා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ

WhatsApp Group

Skip to content