Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා .

මෙම නව කාලසටහන ලබන මස මුල් දිනවලදී ලබා දීමටයි නියමිතව ඇත්තේ .

දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ සේවකයන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය අවලංගු වීම වැළැක්වීම සඳහා මෙම මාසය අවසන් වනවිට වැඩපිළිවෙලක් සකස් කරන බවයි .

පසුගිය වසර අවසානයේ විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් දසදෙනෙකු පමණක් බවද ඔවුන් එහිදී අනාවරණ කළා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදුවූ බැවින් දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදුවූ බවයි ,

WhatsApp Group

Skip to content