පසුගිය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළව වාර්තා වූ ආන්දෝලනාත්මක පුවත් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා .

අමාත්‍යවරයා විසින් අදාළ විමර්ශන සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතීත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරිමටයි කටයුතු කලේ .

මෙම කමිටු වාර්තාවේ අරමුදල් අවභාවිතය , සමාජ මාධ්‍යයේ බලපෑම සහ ආගමික නිකාය බලපෑම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් සදහන් කළා .

නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු ,හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල , විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් , හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් යන මහත්ම මහත්මීන් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා .

WhatsApp Group

Skip to content