Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නව දේශපාලන පක්ෂ හතක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්සත් කොංග්‍රස් පක්ෂය, උවිදු විජේවීරගේ දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂවල ලියාපදිංචිය මෙලෙස පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව පක්ෂ හත ලියාපදිංචි කිරීමත් සමගින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා වැඩි වී තිබෙනවා.

පසගිය වසරේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම සිදු වූ අතර ඉන් වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වූ බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

WhatsApp Group

Skip to content