පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේදී බලපත්‍ර  නොමතිව තේක්ක දැව  කදන්  තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලිමකදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

එම අවස්ථාවේදී අදාල  ටිපර් රථය තුල තේක්ක කදන් 37ක් තිබී ඇති බවයි පොලිස් මදය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

සැකකරු මොරයාය ප්‍රදේශයේ පදින්චි 32හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ දැව තොගය වැඩි දුර විමර්ශන සදහා සේරන්කඩ බිට්ටු අඩවි වන කාර්යාලයට භාරදී තිබෙනවා.

WhatsApp Group

Skip to content