Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර ඇති බව සඳහන්.

මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදු කරනු ඇති බවයි.

මේ අතර රජය විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය ද ඊයේ දහවල් කොටුව ලංකා බැංකු පරිශ්‍රයේදී විරෝධතා රැස්වීමක් සංවිධානය කර තිබුණා.

මෙවැනි පසුබිමක රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන්, විධායක නිලධාරීන්, ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව යන නමින් නව සංවිධානයක්ද පිහිටවනු ලැබුවා.

මේ අනුව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළේ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව එළැඹෙන සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත් කරමින් රට පුරා විරෝධතා මාලාවක් සංවිධාන කරන බවයි.

WhatsApp Group

Skip to content