අද සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා .

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා ප්‍රකාශ කලේ ”පසුගිය කාල පරිච්ඡේදය තුළ වැලි බොරළු හා පස් ප්‍රවාහනයේදී ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකය සහ ප්‍රවාහනය කරන ගමන් මාර්ගය සඳහන් නොවූ බැවින් අක්‍රමිකතා රාශියක් සිදුවු බවයි .

මේ හේතුවෙන් පරිසර අමාත්‍යවරයාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමු වූ බවයි ඔහු සදහන් කලේ .

ඒ අනුව අද සිට සියලුම ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකයත් ගමන් මාර්ගයත් ගමනාන්තයත් යන කරුණු අඩංගු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කරනු ලබනවා .

WhatsApp Group

Skip to content