දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් පසුගිය 31 සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතු වී තිබේන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ.

මේ අතර ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ලබන 9 වනදා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංකේතාත්මක වර්ජනයක් කිරිමට සූදානම් වනවා.

2013 වර්ෂයෙන් පසු බඳවාගත් නව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීම ඇතුලු ගැටළු ගණනාවක් මුල් කර ගනිම්න් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සංගමය සදහන් කලේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,

https://www.vnews.lk/storage/2023/01/SUMEDHA-SOMARATHNA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content