ප්‍රදේශ දෙකකින නාදුනන පුද්ගල මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා.

මින් එක් පිරිමි පුද්ගල මළසිරුරක් කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබීයදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

මේ අතර මීරිගම හොරකැලේ රක්ෂිතයේ තිබී තවත් නාදුනන පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගැනුණා.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

WhatsApp Group

Skip to content