Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නත්තල් සාමය තුල සිය ව්‍යාපාර කටයුතු  අඩාල වී ඇති හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ පසුගිය වසරේ නත්තල් සාමය හා සැසදීමේදී මෙවර භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහල ගොස් ඇති බවයි.

බිත්තර මිල ඉහල යාම හේතුවෙන්  කේක් අලෙවියද සීග්‍ර ලෙස අඩුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නත්තල් සැරසිලි සහ රතිඤ්ඤා අලෙවි කරන හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියාසිටින්නේ නත්තල් සැරසිලි වල මිල ඉහල යාමත්, පවතින හිගයත් සමග ඒසදහා ඇති ඉල්ලුමද  අඩු වි ඇති බවයි.

රතිඤ්ඤා මිලද අධික ලෙස ඉහල යාම හමුවේ රතිඤ්ඤා අලෙවිය පහත වැටි ඇති බව පවසන ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මෙවර නත්තල් තම ව්‍යාපාර කටයුතු වලට සරු නොවන බවයි.

මේ අතර නත්තල් සමයේ බෝංචි , මාළු මිරිස් , නුවරඑලිය අර්තාපල් , කැරට් මිල පමණක් ඉහල ගොස්

තිබුණත් , එලවළු අලෙවියේද අඩුවක් පවතින බවයි  එලවළු ව්‍යාපාරිකයන් පවසන්නේ.

https://www.vnews.lk/storage/2022/12/HATTON.mp3?_=1

WhatsApp Group

Skip to content