නුවරඑළිය – නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී ප්‍රපාතයකට පෙරලියාම හේතුවෙන් හත් දෙනෙකු මියගොස් තවත 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

කොළඹ, තර්ස්ටන් විදුහලේ 11 වසරේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බසයක් මෙසේ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයකට ගැටීමෙන් මෙම අනතුර සිදු තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු මිය ගොස් ඇති බවත් මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බවත් පොලිසිය සඳහන් කළා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් සිසුන් 44 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් සිසුන් 41 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ළමයින් 03 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයිද රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හනි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයෙක් වෑන් රථයක් . අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය කියා සිටියා.

මේ අතර නුවරඑළිය – නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

අනතුර සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා

https://www.vnews.lk/storage/2023/01/POLICE.mp3?_=1

WhatsApp Group

Skip to content