Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඇතැම් පාර්ශ්ව මැතිවරණය පැවැත්වීමට බාධා වන ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග වල නිරත වන බව මැතිවරණ කොමිසමේ පවසනවා.

කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ආණ්ඩුව, දේශපාලන පක්ෂ, පුරවැසියන් ඇතුළු සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින්නේ නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි.

ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ විකෘති ප්‍රකාශ, ඇප තැන්පත් භාර ගැනීම අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ ලිපිය මෙන්ම මැතිවරණ කොමිසම සහ පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ඇතුළු සිදුවීම් ද නිරීක්ෂණ වූ බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

WhatsApp Group

Skip to content