මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස්වි ශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උහන, බොක්කබැද්ද හා ලාතුගල යන ගම්මාන අතර වම් පසින් පිහිටි ගල්ඔරුව කන්ද ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා  සිදු කරන ලද වැටලීමකදීයි. .

පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත සහ කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ජි.එස්. විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජි.එන්. පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. චන්දන කුමාර පියසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහි දී නීති විරෝධීව රක්ෂිතයට ඇතුල් වි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ සෙවිමේ අරමුණින් මිලකල නොහැකි පුරාවිද්‍යත්මක නටඹුන් විනාශ කරමින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ්වයස අවුරුදු 52, 48, 52, 54 ක් වන කොස්ගම, රුවන්වැල්ල, හංවැල්ල ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් පිරිසක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අදාළ සැකකරුවන් සමග හෑමර් වර්ගයේ විදින යන්ත්‍ර, ග්‍රිල් කටු, යකඩ කුළු ගෙඩි, ගල් විදින යකඩ කටු ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ භාණ්ඩ  උහන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content