Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යමහේන්ද්‍රසෙනෙවිරත්න මහතා පවසනවා.

රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ රෝහල් ආරංචි මාර්ග හරහා පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.

රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස්වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙතක් විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවයි.

එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විසබීජ අඩංගුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

සායන සිදුකර නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකදී ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල් ගත කෙරුණු අතර ඉන්පසුව සිදුකල ප්‍රතිකාරයන්ගෙන් පසු ක්‍රමක්‍රමයෙන් රෝගීන් සුව අතට හැරෙමින් පවතින බවද හෙතෙම කියා සිටියා.

WhatsApp Group

Skip to content