විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 11ට පාර්ලිමෙන්තු සංකීර්ණයේ දී මෙමෙ හමුව පැවැත්වෙනු ඇති.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, මෙම හමුවේදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත නව මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බවයි.

මේ අතර දැනට සංවාදයට තුඩු දී ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමට මෙම සතියේදී බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කලා.

WhatsApp Group

Skip to content