Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් ලකුණු 84ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමත්ව තිබෙනවා.
තරගය ඊයේ(14) පැවැත්වුණේ නේපාලයේ Kirtipurහි Tribhuvan විශ්ව විද්‍යාලයීය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි UAE කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 263ක් ලබාගැනීමට සමත් වූවා.
UAE කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් Rohan Mustafa ලකුණු 53ක්ද Muhammad Waseem ලකුණු 44ක්ද Vriitya Aravind ලකුණු 40ක්ද ලබාගැනීමට සමත් වූවා.
Alishan Sharafu ලකුණු 29කටත් Aayan Afzal Khan ලකුණු 26කටත් දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දුන් Ahmed Raza පන්දු 16කදී ලකුණු 27ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී නේපාල කණ්ඩායම වෙනුවෙන් Gulsan Jha පන්දුවාර හයකදී ලකුණු 26කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.
Sompal Kami සහ Dipendra Singh Airee එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 264ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නේපාල කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි.
නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 84කදී ලකුණු 54ක් ලබාගත් Dipendra Singh Airee යි.
Arjun Saud ලකුණු 51ක් ලබාගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුක යාමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී UAE කණ්ඩායම වෙනුවෙන් Aayan Afzal Khan ලකුණු 14කට කඩුලු 4ක් දවාගැනීමට මත් වූවා.
Basil Hameed කඩුලු දෙකක්ද Zahoor Khan, Rohan Mustafa සහ Ahmed Raza එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ඒ අනුව UAE කණ්ඩායම ලකුණු 84ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූවා.
Aayan Afzal Khan තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණු අතර තරගාවලියේ දෙවන තරගය එළැඹෙන 16 වනදා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content