විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ඊයේ පාර්ලිම්න්තුවේදී
අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා මගින් ඇති වු ආපදා තත්වය
සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහායි.

ඒ අනුව සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක
සභාවක් ඉදිරියේදී පත් කරනු ඇති.

අදාළ තේරීම් කාරක සභාව මගින් ඒ පිළිබද විමර්ශනය කර සුදුසු නිර්දේශ
ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content