ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ලකුණු 27ක ජයක්
ලබන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත
පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුර්ය කුමාර් යාදව් පන්දු 49කදී ලකුණු 103ක් ලබා
ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ගුජරාට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ
කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 191ක් පමණයි.

WhatsApp Group

Skip to content