බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පස්කන්දක් කඩාවැටීමෙන් ලයිම් නිවාස පේලී 4කට හානි සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 7දෙනෙකු කොස්ලන්ද රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුර සිදු වූ ස්ථානයේ ලයිම් නිවාස පේලි 4ට අමතරව කුඩා වෙළදසැලක්ද පිහිටා තිබූ බවත්, දිවිගලවාගත් සියලු පුද්ගලයන් සිය ඥාතීන්ගේ නිවාස වල සහ යාබද පාසලක ආරක්ෂිතව රඳවා ඇති බවත් පොලීසිය සදහන් කළා.

පස්කන්ද කඩා වැටීමත් සමග එම ප්‍රදේශයේ විදුලිය විසන්දි වී ඇති අතර, ඒ හේතුවෙන් පස්කන්දට යට වූ පිරිස් සොයා බැලීමට බාධා එල්ල වූ බවත්, එම කටයුතු කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content