Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

එසේම අගමැති ඉවත් වූ විට ඇමැති මණ්ඩලය අහෝසිවීමට සමාන බවද ජනාධිපති කාර්යාලය පවසනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවීම හේතුවෙන් ඔවුන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙකේ කාලයක් බලා සිටි බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

ජනාධිපතිවරයා මෙරටට පැමිණිමෙන් පසුව එලෙස ඉල්ලා අස්වන ආණ්ඩුකාරවරුන් වෙනුවට නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිතයි.

 

 

WhatsApp Group

Skip to content