Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමෙන් ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ත්‍රීකුණාමලයෙන් වාර්තා වනවා.

පොලිසිය කියා සිටියේ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු මෙලෙස ගෙල කපාගෙන ඇති බවයි.

චීන වරාය පොලිසිය විසින් සැකකරු ඊයේ(04) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබෙනවා.

වරෙන්තුකරුවෙක් වූ සැකකරු එලෙස රැගෙන යන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය තුළදී ගෙල කපාගෙන තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

තුවාල ලැබූ සැකකරු මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.

 

WhatsApp Group

Skip to content