පළාත් පාලන ආයතනවල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් භාවිත කරන සියලු රාජ්‍ය දේපොළ 19 වැනි දාට පෙර අදාළ ආයතන වෙත භාරදෙන ලෙස පළාත් පාලන අමාත්‍යාංශය විසින් මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

19 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු එහි පාලන කටයුතු නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පැවරෙන අතර, ඒ හේතුවෙනුයි මෙම දැනුම් දීම කර ඇත්තේ.

WhatsApp Group

Skip to content