උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙම අවස්ථාවේ ආනයනකරුවන්ට අවාසියක් සිදු වුවද එහි වාසිය මහජනතාවට ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/NALIN-FERNANDO-EDIT-2.mp3?_=1

මේ අතර වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල බිත්තර හිඟයක් පවතින බව අප වාර්තාකරු සදහන් කළා. ප්‍රධාන නගරවල වෙළදුන් බිත්තර වෙළදාමෙන් ඉවත් වීම හේතුවෙන් මෙම හ`ිගය ඇති වී තිබෙනවා.

එමෙන්ම එළව`ඵ තොග මිල අඩු වුවද පාරිභෝගිකයින්ට අඩු මිලට එළව`ඵ අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් පවසනවා.

එළව`ඵ ප්‍රවාහනය කිරීම සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් අඩු මිලට එළව`ඵ අලෙවි කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

https://www.vnews.lk/storage/2023/03/ELAWALU-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content