Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

මේ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නිල වශයෙන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙත දන්වා ඇතැයිද සඳහන්.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රට වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩ ගැනීමට බවයි.

එම වරමින් පිටතට ගොස් ක්‍රියා කිරීමට තමා සුදානම් නොමැති බවත්, ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට දැනුම් දී ඇති බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content